Friday, June 26, 2009

GOM වි‍ඩියෝ ප්ලේයර්රය




ඔබ දැනට භාවිතා කරන ඔබේ ප්‍රියතම විඩියෝ ප්ලේයර් එකට අමතරව වෙනත් විඩියෝ ප්ලේයර් එකක් අත්හදා බලන්න ඔබට හිතෙන්නේ නැද්ද?

GOM player එක අත්හදා බැලුවොත් මට විශ්වාසයි ඔබ ඒක නැවත uninstall නොකරන බව. ඇත්තටම මේක පාවිච්චි කරන්න හරිම ලේසියි. යතුරු පුවරුවේ හා මූසිකයෙන් කෙටි මන් ඕනවටත් වැඩිය. CODEC ගැන හිතන්නවත් ඕනේ නැහැ. avi, mp4, 3gp, rmvb, mkv.... ආදි ඕනෑම codec එකක් මේකේ වැඩ කරනවා. මේකේ නොමැති codec එකක් වෙතොත් ස්වයංක්‍රියවම මාර්ගත වි අන්තර්ජාලයෙන් එම codec එක හොයා ගන්නවා. උපසිරැසි සහිත චිත්‍රපටි බලන්න කියාපු ප්ලේයර් එක. උපසිරැසි වලට ඔබට කරන්න ඕන ඕනම දෙයක් මේ මගින් කරන්න පුළුවන්. මගේ පරිඝනකයේ තිබු jet audio ප්ලේයර් එක මේ ප්ලේයර් එක දැමීමත් සමග අභාවයට ගිහින්. මේකේ file සයිස් එක මෙගා බයිට් 5 ක් වත් නැති නිසා බාගන්නත් හරි ලේසියි.

බාගන්න මෙතැන කොටන්න

0 comments:

Post a Comment

 
footer